Colombo Today Local News

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාම්පූරියේ දළුව පදිංචිව සිටි නහන්දිලගේ අදීස විදුසර ප්‍රනාන්දු නම් 13 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම දරුවා දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමුකාර ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට යවමින් සිටි සරුංගලය විදුලි රැහැනක පැටලී ඇත. විදුලි රැහැනේ පැටළුණු සරුංගලය බේරා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලිය සැර වැදී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරා ගෙන ප්‍රතිකාර සදහා ඊයේ (27‍) සවස රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වලිය : ප්‍රා. මන්ත්‍රිවරයා සහ ආධාරකරුවන් දෙදෙනෙකුට ශරිර ඇප

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

කිරි මිල ඉහළ දමනවා

Admin

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday