Colombo Today Local News

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සේවය අවසන් කොට විදේශ ගතවී තිබෙන බැවින් හෘද රෝග කැතීටර් සැත්කම් නතර වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

කරාපිටිය රෝහලේ දී රෝගී දරුවන්ට ප්‍රතිකාර කරන්න බැරි නිසා කොළඹ ළමා රෝහලට මාරු කරන නමුත් කොළඹ ළමා රෝහලේ ද ලොකු පොරොත්තු ලේඛනයක් ඇති නිසා ඊට ඉඩක් නැති බව ප්‍රකාශ කර ඇතැයි මන්ත්‍රීවරයා කීය.

අහිංසක දරුවන් ඉන්නේ ජීවිත අවදානමක බව කී කරුණාතිලක මහතා මේ සඳහා ඉක්මන් පියවරක් ගත යුතු බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවෙි එම කාරණය ඇත්තක් වන අතර විශ්‍රාම ගොස් සිටින වෛද්‍ය ගුණතිලක මහතා වෙනුවට වෛද්‍යවරයෙක් කරාපිටියට යවා ඇති බවයි.

මෙය ඉතා සංවේදී කාරණයක් වන අතර බුද්ධි ගලනය සහ නොයෙක් ප්‍රශ්න සමග මෙි ගමන රෝස මල් යහනාවක යන ගමනක් නොවේ යැයිද වෛද්‍යවරුන් හරියටම බෙදීමක් කරනවා නම් ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගන්න හැකි අතර ඒ කාරණය සිදුකරමින් යන බවයි.

Related posts

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday

පාස්කු ප්‍රහාරය දේශපාලන ජයග්‍රහන සඳහා යොදාගන්න එපා

Admin