Colombo Today Local News

දැයක දුක්ගිණි නිවූ විජයග්‍රහණයේ නිහඩ නියමුවාට අදට 67යි

13495589_1329677493712393_5789696879254562004_o

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ. 1949 ජූනි මස 20 වන දින උපන් ඒ මහතා අද සමරන්නේ 67වන උපන් දිනයයි. 30 වසරක් පුරාවට ශ්‍රී ලාංකීය මාතෘභූමිය ලෙයින් තෙත් කළ කුරුරි ත්‍රස්තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ නිහඩ නියමුවා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෑත ඉතිහාසයේ වැඩිම දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වූ රාජ්‍ය නිලධාරියාද වෙයි. මේ ඒ මහතා පිළිබදව තැබෙන සටහනකි.

ලුතිනන් කර්නල්(හිටපු ආරක්ෂක ලේකම්) නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා (RWP,RSP,1971/1992), ඉපදුනේ 1949 ජුනි 20 වන දින මාතර පලටුවාව වීරකැටිය යන ප්‍රදේශයේය. හමුදා ජීවිතයෙන් විශ්‍රාම යාමෙන් පසු ජනාධිපති ්මහින්ද රාජපක්ෂ මහතා ඔහුව ආරක්ෂක ලේකම් දුරයේ පිහිටවු පසු ත්‍රස්තවාදීන්ට හිසරදයක් වු සහ යුද ජයග්‍රහනය දක්වාම තම සේවය අවංකවම ඉටුකල බැවින් ඔහු හතරවන ඊලාම් යුද්ධයේ ප්‍රාථමික අවස්ථාවෙදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වු අයෙකි.

එහි ප්‍රථිඑලයක් ලෙස ඔහු වරක් මරාගෙන මැරෙන කොටි ඉලක්කකරැවෙකුගේ බිහිසුන මරාගෙන මැරෙන බෝම්බයක ඉලක්කයක්ද වුවේය, එයින් ඔහු අනුනමයෙන් දිවි ගලවාගත්තේය. ඒ 2006 දෙසැම්බර් 1 වනදාය.

තම අධ්‍යාපන කටයුතු කොලඹ ආනන්දයෙන් නිමකල පසු එතුමා කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදාවට බැඳෙන්නේ 1971 අප්‍රේල් මස 26 වන දිනයි, ඔහු දෙවන ලුතිනන් වරයෙකු ලෙස පත්වන්නේ 1972 මැයි මස 25 වනදාය..ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 1 වෙනි ගජබා රෙජිමේන්තුවටත් ඔහු අනුයුක්තව දෙවන අනදෙන නිලධාරී ලෙසට සේවය කලේය..ඒ 1 වෙනි ගජබා රෙජිමේන්තුව ආරම්භ කල 1983 වර්ෂයේ සිටය.

1971/1992 තම අවුරැදු විසි එකක හමුදා ජීවිතය තුල අණදෙන නිලධාරියෙකු ලෙස පෙන්වු රනශුර කම නිසාම ඔහු යුධ හමුදා රණවික්‍රම සම්මානය මෙන්ම, රණශුර සම්මානය එවකට ජනාධිපතිවරුන්වු ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී බී විජේතුංග යන ජනාධිපතිවරුන් අතින් තෙවරක්ම පිදුම් ලැබු විර සෙනෙවියෙකි. විදේශ පාඨමාලා අතර සංඥා නිලධාරී උසස් පාඨමාලාවක් (Rawalpindi/India) සහ යුද හමුදා කැලෑ සටන් පිලිබඳ විශේෂ කමාන්ඩෝ සටන් පාඨමාලා (Assam ඉන්දියාව) සහ යුධ හමුදා උසස් නිලධාරී පාඨමාලා (Welington UK)සහ Command and Staff course Fort Benning/ USA සහ Infantry company commanders course in Queta පකිස්තාන් හීදී සාර්ථකව හැදෑරැ නිලධාරියෙකි. ඔහු යුධ හමුදාවෙ 1 වන ගජබා රෙජිමේන්තුවෙ දෙවන අනදෙන නිලධාරි ලෙස තම සේවය (1983/1990) Operation Liberation ක්‍රියාන්විතය , වඩමාරචචි ක්‍රියාන්විතය(1987), Operation Strike Hard, ත්‍රිවිද බලය ක්‍රියාන්විතය(1991), සාර්තකව යාපනය ප්‍රදේශයේ මෙහෙයවු ක්‍රියාන්විතයන්වලට අණදුන් වීර සෙනෙවියෙකි, අණදෙන නිලධාරිතුමෙකි..

ලුතිනන් කර්නල් වරයෙකු ලෙස අවුරුදු විසිඑකක තම හමුදා සේවය නිමකොට ඔහු තොරතුරැ තාක්ෂනය පිළිබඳව රැකියාවකට (Loyola Law School in Los Angeles, U.S. as a Systems Integrator and UnixSolaris Administrator.)
අමෙරිකාවට ලොස් ඇන්ජලීස් නුවරට සංක්‍රමනය විය.

ඉන්පසු එතුමා නැවතත් තම සොහොයුරාවු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ රජයේ ආරක්ෂක ලේකම් ලෙස (2005/2014) යුධ ජයගග්‍රහණය දක්වාම නිර්භීතව කටයුතු කල දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. වංක පාලකයින් අවුරුදු විසිහයක් අපේ රණවිරැවන් දහස් ගණනක් බිලිදෙමින් වවාගෙන කෑ යුද්දය නිසා අපේ රටට අහිමිවු වීරෝදාර රනවිරැවන්ගෙ ජීවිතවලට වටිනාකමක් අභිමානයක් එතුමා විසින් ඇතිකරන ලදී.

යුධ පරාජයන්, පාවාදීම් නිසා යුධ හමුදාව හැරගොස් සිටි අය නැවත කැඳවා, ඔවුන්ගෙ මොරාල් එක නැවත ඇතිකර, 125,000 සිටි යුධ හමුදාව 200,000 දක්වා වැඩිකර ශක්තිමත් හමුදාවක් කලේ එතුමාගේ අවංක දැක්ම නිසාය. අවුරුදු විසිඑකක් තම ජීවිතය රට ජාතිය වෙනුවෙන් යුධ හමුදාවට කැපකල අත්දැකීම් මත සහ හමුදාවෙ “සේනාධිනායකයා” වු තම සොහොයුරාගේ නොසැලුන නිර්භීත විදේශ ප්‍රතිපත්ති වල ධෛර්යයෙන් එතුමා යුද්ධය ජයග්‍රහනය දක්වා අවංකවම මෙහෙය වීම නිසා අද සියලුම ශ්‍රීලාංකිකයින් නිදහසේ හුස්ම ගනිති.

Related posts

පොල් තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම්

colombotoday

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin