Colombo Today Local News

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ බස් රථයක් තුම්මුල්ල මංසන්ධිය ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේ දී අද(14) අලුයම අනතුරකට ලක්ව තිබේ.

සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කරයි.

තුන්මුල්ල මංසන්ධිය දෙස සිට පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරුව අදාළ බස් රථය පෙරලී ගොස් ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට තිබේ.

විදුලි පහන් සංඥා නොතකා බස් රථය ඉදිරියට ධාවනය කිරීම අනතුරට හේතු වී ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Related posts

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

ප්‍රදේශ කිහිපයකට අද වැසි

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin