Colombo Today Local News

අවමඟුල් පෙරහැරක තනි රෝදෙන් ගිය තරුණයින්ට එරෙහි වූ තිදරු පියාට හෙල්මට් ප්‍රහාරයක්

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමඟුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණයින්ට අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට්වලින් පහරදී ඇති පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉකුත් (07වන දා) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම් විජේවර්ධන නැමති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකර ඇත.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි 30ක පමණ පෙළපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ දෙස බොහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එම අවස්ථාවේ දී එහි සිටි තිදරු පියෙක් එයට විරෝධතාව පළ කර ඇත.

එයින් උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ පුද්ගලයාට අතින් පයින් සහ හෙල්මට්වලින් පහරදී ඇති බවත්, ප්‍රදේශයේ කිහිපදෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලීසිය සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

colombotoday

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

Admin

යෝෂිත FCIDයට

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday