ඒකාබද්ධද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා පරීක්ෂාවට ලක් කිරීම බොළද ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙම වැටලීම කලේ CIDද FCIDද කියා තමා නොදන්නේ වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, කවුරුන් කුමක් කීවත් මේවා බොළද වැඩ බවත්, මෙවන් වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් පවසා ඇත. එසේ වාහන සගවා ඇත්තේ නම් මේ ආකාරයේ බොළද වැඩ නොකර ඒවා සොයාගන්නා ක්‍රම ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.
අන්තිමේදී වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.