Colombo Today Local News

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

මෙගාවොට් 130ක සාම්පූර් ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා විදුලිබල උද්‍යානයේ මෙගාවොට් 50 බලාගාරයේ පළමු අදියර සඳහා බලශක්ති බලපත්‍රය ලබන සතියේ නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7)දින පැවසීය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විදුලිබල සම්ප්‍රේෂණ සහ ජාල සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය ආධාර සැපයීමට එම බැංකුව සළකා බලන බව ද අමාත්‍යවරයා කීය.

ඉන්දියානු එන්.ටී.පී.සී. විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යන ආයතනවල එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

Related posts

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

රනිල්ගේ ඉත්තෙක් වුන මානප්පෙරුම

Admin