Colombo Today Local News

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

sival-balaයුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙන යන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව සිදුවන විමර්ශන මුලුමනින්ම බිද වැටෙන බව විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන පවසයි.

පවතින සැබෑ තත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර හදිසි සංදේශයක් එවීමට ද එම සංවිධාන කටයුතු කරන බවද වාර්තා වෙයි.

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් බව පවසමින් වහාම ඔහු එම තනතුරින් නෙරපා දමන ලෙස “පුරවැසි බලය“ සහ “සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය“ නමින් හැදින්වෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ වන්නි මෙහෙයුම සමයේ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාකාරකම් හෙලිකරමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙකු වන අතර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධය සේවය කරමින් සිටියදී ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත්විය.

එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කළහොත් විශාලතම වාසිය සැලසෙන්නේ ඊළාම් ඩයස්‌පෝරාවට විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

Related posts

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

“චන්ද්‍රිකා මහින්ද ගැන නයි වෛරයෙන් කියන කතා ශ්‍රීලනිප සමගියට බාධාවක්.. ඇය දැන් එක්ස්ෆයර්” – ඩිලාන්

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

Admin