Colombo Today Local News

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ සිටී.

එම පෙත්සම් අද (04) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණි.

එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

Related posts

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

colombotoday

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

Admin

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

colombotoday

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday