Colombo Today Local News

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන වී කරල් කළු පැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද (04)දින ගොවි බිම් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරන්නේ, අනතුරුව කඩිනමින් පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පීදෙමින් තිබෙන වී කරල් කළු පැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් පසුගිය දින කිහිපයේම තොරතුරු වාර්තා විය.

ගොවීන් පවසන්නේ, මෙම තත්ත්වය හමුවේ අස්වැන්න අඩු වීමේ අවදානමක් පවතින බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවච්චිකුඩි, ගාන්ඩිපුරම්, කළුමුන්නාවේලි ආදී ප්‍රදේශවලින් මේ තත්ත්වය වාර්තා වේ.

ගොවි බිම් නිරීක්ෂණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඉදිරිපත් කළ හැකි වනු ඇති බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසයි.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

colombotoday

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

නව කොරෝනා රෝගීන් 7ක් හදුනාගැනේ… මුළු ගණන 18යි

colombotoday

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday