World

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

යුක්‍රේනය මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා පහක් භාවිතා කර ඇති අතර එය අගනුවර අවට පුළුල් කලාපයේ ස්ථාන ද ඉලක්ක කර ඇති බවද සඳහන් වෙයි.

සියලුම ඩ්‍රෝන යානා බිම හෙළා ඇති අතර ජීවිත හානි හෝ වෙනත් කිසිදු හානියක් වාර්තාවී නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාරගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

colombotoday

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

colombotoday

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

colombotoday

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday