Colombo Today Local News

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.

නීති සම්පාදනය , ආයතනික ක්‍රියාකාරකම් , ඉඩම් ගැටලු , සිරකරුවන් නිදහස් කිරීම , බලය විමධ්‍යගත කිරීම යන ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය ද එහිදි සමාලෝචනය කර ඇත.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම පිළිබඳව ද එහිදි සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදයේ සඳහන් ය.

ඉඩම් ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, මෙන්ම මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර ඇත.

තව ද සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාවදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

බලය විමධ්‍යගත කිරීම, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

වියදම කෝටි 1400යි, ශරියා දේශකයන් මක්කමෙන්, ඊජිප්තුවෙන් – ආසියාවම අස්ථාවර කළ හැකි, අන්තවාදී උපාධි කඩය ගැන ඇග සලිත වන හෙළිදරව්වක්…

colombotoday

සෞඛ්‍ය ඇමතිගෙන් අජිත් රෝහණට තවත් වගකීමක්

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin