වෙළෙඳපොළේ යකඩ මිල ගණන් 50% කින් පමණ පහළ ගොස් තිබේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්රතිඵලයක් මත යකඩ මිල පහළ ගිය බව යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
යකඩ මිළ ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව ද ඔහු පැවසීය.