Colombo Today Local News

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැට හය වැනි (66) සමුළුව අද (3 වැනිදා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයෙක්‌ ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. සියලු මන්ත්‍රීවරුන්ට හැට හයවැනි සංවත්සරයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙන අතර ඔවුන් සංවත්සරයට නොපැමිණියොත් මින් ඉදිරියට පක්‍ෂයේ කිසිදු නිල කටයුත්තකට ආරාධනා නොකර ඔවුන් නොසලකා හරිමින් කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

සංවත්සරය අවසන් වූ වහාම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂයේ විනය කමිටුව හමුවට කැඳවීමට නියමිත බවත් බවත් ඒ සඳහා වන තීන්දුව මේ වනවිටත් ගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.මේ වනවිට විනය පරීක්‍ෂණ පවත්වා වැරදිකරු බවට පත්ව සිටින පුත්තලම දිස්‌ත්‍රික්‌ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පක්‍ෂයෙන් ඉවත් කිරීම සංවත්සරයෙන් පසුව සිදු කිරීමටද සුදානම් බව කියවේ.

Related posts

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් හෙට ශ්‍රී ලංකාවට

Admin

අද හෙට හා අනිද්දා විදුලිය කැපෙන්නෙ හැටි මෙන්න

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday