Colombo Today Local News

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද, උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මෙම මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී ඇති බවද උතුරේ දේශපාලන ආරංචිමාර්ග කියා සිටීයි

මෙම විශ්වාසභංගයට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් බහුතරයක් අත්සන් යොදා ඇති අතර එම පක්ෂයේ නායකත්වයේ පෙලබවීමක් මත මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල්වී ඇති බවද පැවසේ.

Related posts

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday

මාතලේ කොවිඩි පාලන සංචරණ සිමා කඩන්නවුන් සොයන්න යතුරු පැදි හමුදා කණ්ඩායමක්

colombotoday

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රීලනිපය සමග එක්වුවොත් මහින්දට අපේ සහය නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday