Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් ආක්‍රමණයක් සිදුවෙන බව සිංහලයාට දැන් තේරෙනව.. අරාබියෙන් එන අරමුදල් ගැන සෙවිය යතුයි

අද වන විට රට තුල මුස්ලිම් අන්තවාදය දැඩිව ක‍්‍රියාත්මක වන බවත් සෑම දෙයකටම සිංහල බෞද්ධයන්ට චෝදනා කිරීම තමන් දැඩි ලෙස විරුද්ධ වන බවත්, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

ස්ලිම් ආක්‍රමණයක් රට තුළ සිදුවන බවට සිංහල ,බෞද්ධ ජනතාවට අවබෝධවී ඇති බව පෙන්වා දෙන රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ මුස්ලිම් ජනතාවද මෙරට සංස්කෘතියට හැඩ ගැසී ජීවත් වීමට වග බලා ගත යුතු බවයි.

මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රතන හිමියන්…

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1466573793380894/” width=”500″ height=”400″ onlyvideo=”1″]

“අද අරාබි සල්ලි ලංකාවට එනවා. මුස්ලිම් සල්ලි රට තුළට එනවා. ඒක නෑ කියලා කාටවත් කියන්න බෑ. අද මුස්ලිම් අන්තවාදය සදහා මිනිස්සු පුහුණු වෙනවා. එයාලා රටවල් වලට ගිහිල්ලා ISIS හා සටන් කරලා මැරෙනවා. එහෙම එකක් නෑ කියලා කියන්න බෑ. අපි දැක්කේ නෑ 2000 මේ වගේ කළු අදින සමාජයක්. මේ කාන්තාවන් කළු අදින්නේ කැමැත්තෙන් කියලා කාටවත් කියන්න පුළුවන්ද ? ඒ වගේම ජාතික පාසැල්වල බලපෑම් කරනවා ඔළුව වහලා කළු ඇදන් එන්න ඕන කියලා. මොකක්ද මේ කරන්නේ. බෞද්ධයන්ට විතරක් ඇගිල්ල දික් කරනවාට මා සම්පූර්ණයෙන් විරුද්ධයි.

අපි දන්න තරමින් ඉස්ලාම් මූලධර්මවාදය එහෙට මෙහෙට පැනලා කෑ ගහලා කරන්නේ නෑ. ඒක රහසිගතයි. අධ්‍යාපන වැඩමුළු, සාකච්ඡා විදේශ මුදල් ආධාර ඒවා යටතේ ඉතාම රහසිගතව වෙන්නේ. ප්‍රශ්නය මොකක්ද කියලා ආණ්ඩුව තේරුම් ගන්න ඕන. බුද්ධි අංශ තියෙන්නේ මේවා ගැන හොයන්න.

ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ට විශාල ලෙස මුදල් එනවා. මේවා ගැන හොයන්න ඕන. මේ සල්ලි කොහෙන්ද එන්නේ. මේ සල්ලි මොන සංවිධාන වලටද එන්නේ ? මේවා ගැන හොයන්න ඕන. අපේ වාරිමාර්ග සැකසෙන්නේ ජාතිවාදි පදනමින් නම්, සම්පුර්ණයෙන් වැරදි. අරාබියෙන් සල්ලි ගත්තා කියලා එක ජන කොට්ඨාශයකට විතරක් ඒකෙන් වතුර දෙන්න බෑ.

ලංකාවේ මුස්ලිම් අය හිතාන ඉන්නේ බෞද්ධයෝ අන්තවාදි කියලා. සිංහල මිනිස්සුන්ට දැනිලා තියනවා මුස්ලිම් අන්තවාදයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. මුස්ලිම් අය ඒ විදියට වැඩ කරලා තියෙනවා. එහෙම නැත්තම් මේ හිටි හැටියේම කළු අදින්නේ මොකටද ?ඉස්කෝලෙ ගිහින් විදුහල්පතිට තර්ජනය කරන්නේ මොකටද ?දැන් මේ අය මොනවාද මේ ගෝනි අදින්නේ ? කළු පාට ඇදගෙන බිල්ලෝ වගේ. ඒව කලාට කමක් නෑ. එක්කෙනෙක් දෙන්නෙක්. හැබැයි යම් සීමාවක් තියනවා. මේක දැන් විකාරයක් වෙලා. දැන් සිංහල මිනිස්සුන්ට දැනෙනවාමුස්ලිම් ව්‍යාප්තියක් තියනවාකියලා. මුස්ලිම් ආක්‍රමණයක් තියනවා කියලා. සිංහල මිනිස්සුන්ට මේක දැනෙනවා. මුස්ලිම් මිනිස්සු දැන ගන්න ඕන නෑ එහෙම දෙයක් නෑ. මේ රටේ ජීවත් වෙන්න හරි විදියට. කළු ලෝගු ඇදගෙන යන්න එපා.

ජාතිවාදය තියෙන්නේ හාමුදුරුවෝ දෙතුන් දෙනෙක් අතේ නෙමේ. එයාලත් හිතන්න ඕන ප්‍රශ්න ඇති නොවෙන හැටියට ජීවත් වෙන්න. අද මොහිදින් ලා බිහි වෙන්නේ නෑ. අද අරාබි සල්ලි පාවිච්චි කරලා එක එක ව්‍යාපෘති සිදු වෙනවා නම් ඒක අනුමත කරන්න බෑ. මේ රට අරාබි අන්තවාදයට ගේන්න එපා. සිංහල මිනිස්සුන්ට දැනෙනවා අරාබි ලෝකයේ තියන ප්‍රශ්නය. අපේ කාන්තාවන් අරාබියට ගියාම ඒ අරාබි නිතීය යටතේ අපට සලකන හැටි සිංහල මිනිස්සු දකිනවා. අරාබි ලෝකයේ සල්ලි තිබුණා කියලා එහෙම කරන්න බෑ. හරි ආණ්ඩුවක් නම් කාන්තාවන් මැද පෙරදිග යන එක නතර කරන්න ඕන ,සියළු දෙනාම එකතු වෙලා.”

 

Related posts

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් අවභාවිතා කරලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සාක්කි දෙයි

colombotoday