Colombo Today Local News

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

රවි කරුණානායක මහතාව බිලි බෝයි කරලා ඔහුට විතරක් දඬුවම් පනවන්න ආණ්ඩුවට බැහැ…. මේ ක්‍රියාවලියේ මුල් පුරුක හැටියට කටයුතු කරලා තිබෙන්නේ බලවත් පුද්ගලයෙක් බව පැවිදි හඬ සංවිධානයේ ගම්බොද්දල සමිත හිමි පවසයි.

පසුගිය (31) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ හිමියෝ මේ බව පවසා සිටියේ

“මහා සංඝරත්නය නිහඬ වුණා. සෑම අවස්ථාවකම මේ රට අරාජික වෙලා තියෙනවා. බැඳුම්කර ගනුදෙනුවේ විවිධ කරුණු කාරණා මේ දිනවල අනාවරණය වෙනවා. රවි කරුණානායක මහතාව බිලි බෝයි කරලා ඔහුට විතරක් දඬුවම් පනවන්න බැහැ ආණ්ඩුවට. මේ ක්‍රියාවලියේ මුල් පුරුක හැටියට කටයුතු කරලා තිබෙන්නේ බලවත් පුද්ගලයෙක්.”

“මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ගිලිහී ගොස් තිබෙනවා. ලිච්ඡවී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා ලිච්ඡවීන්ට ගරහමින් ගෙන යන අතිශය මර්දනකාරී වැඩපිළිවෙළක් බව ඉතාම පැහැදිලියි.”

“එදා ඉඳලම මේ රටේ ප්‍රගතිශීලී සටන් මධ්‍යස්ථානය වුණේ පන්සල. ජනතා විමුක්ති පෙරමුණෙත් අවාසනාවට අද මාධ්‍ය ඉදිරියට ඇවිත් කරන භූමිකාව නොවෙයි අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හරියට තමන්ගේ වගකීම ඉෂ්ට කරන බවක් අපට පේන්නට නැහැ.”

එම මාධ්‍ය හමුවට එක්වු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළේ මහා සංඝරත්නය එක ධජයක් යටතට ගෙනැවිත් වත්මන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව බලවේගයක් ගොඩනඟන බවයි.

 

Related posts

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday