Colombo Today Local News

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

රජය ඉදිරිපත් කර ඇති නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටු කෙටුම්පතට අනුව මධ්‍යම රජයෙන් සෞඛ්‍ය සේවාව අහෝසි කර පළාත් සභා විෂයයක්‌ ලෙස ලඝූකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

මේ අනුව මෙතෙක්‌ මධ්‍යම රජය සහ පළාත් සභා සඳහා වූ සමගාම් ලැයිස්‌තුව අහෝසි කර ඇතැයිද ඒකාකාරී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්‌ රට පුරා ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජයට තිබූ හිමිකම මේ සමඟ ඇතුළත් වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

මේ නිසා ඩෙංගු ප්‍රතිකාර සේවාවන් වැනි ජාතික ප්‍රතිපත්ති රාමුවක්‌ මත ක්‍රියාත්මක වූ රෝග ප්‍රතිකාර සේවාවන් පළාත් සභාවලට ගැලපෙන ලෙස විකෘති කිරීමට ඔවුන්ට බලතල ලැබෙන බවද පළාත් සභාවල තනි මතයට පෝලියෝ, මැලේරියා, පිළිකා වැනි රෝග මර්දන වැඩසටහන් සිදුකරනු ඇතැයිද වෛද්‍ය අලුත්ගේ මහතා කීවේය.

වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම ස්‌ථාන මාරු කිරීම, උසස්‌ වීම් ලබාදීම මෙන්ම වින්‍යානුකුල කටයුතු කිරීමේ බලතල පළාත් සභා සතු කර ගැනීමට නව ව්‍යවස්‌ථා කෙටුම්පත හරහා මෙසේ ලැබී ඇතැයිද කී හෙතෙම ව්‍යවස්‌ථා කෙටුම්පතෙන් යෝජනා කර ඇති දෙවන මන්ත්‍රී මණ්‌ඩලයේ සංයුතිය දෙස බැලීමේදී මෙය වඩාත් තහවුරු වන බව ප්‍රකාශ කළේය. ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හරිත අලුත්ගේ මහතා මේ බව කීවේය.

Related posts

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

colombotoday

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

මේ කාලෙට කොහොමත් බඩුවල මිල වැඩියි

Admin

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday