Colombo Today Local News

ඇමති කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද?

තම පවුල සතුව ඉඩම් අක්කර තිස්දාහක් පවතින බවත්, තම බැංකු ගිණුම්වල මිලියන 400ක මුදලක් තිබෙන බවටත් උසස්  අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්දයෙන් මේ වන විට කතා බහක් ඇතිව තිබෙනවා.  පුද්ගලයෙකු සතුව අක්කර පනහකට වැඩි ඉඩම් ප්‍රමාණයක් තබා ගැනීම නීතියෙන් තහනම්වන පසුබිමක් යටතේ මෙතරම් විශාල ධනස්කන්ධයක් ඇමතිවරයා රැස්කරගත්තේ කෙසේදැයි එම නියේජිතයන් ප්‍රශ්න කරනවා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(2017 ඔක්තෝම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී)

මට කාගේවත් සල්ලි ඕනේ නෑ හරිද අපේ පරම්පරාවේ අයට රජ කාලේ ඉදන් ඉඩම් තිබිලා තියෙනවා. මගේ භාර්යාවගේ මුත්තට අක්කර 30,000 ක් තිබ්බා බලන්ගොඩ. මගේ ආධිපුරුෂයන්ටත් එහෙ තිබ්බා. අපි දෙන්නා උසාවියේ වැඩ කරලා ලක්ෂ 25 ක් අදායම් බදු ගෙව්වා. අදත් අපිට මිලියන 400 ක් තියෙනවා බැංකු වල. බදු ගෙවපු ඩික්ලෙයාර්ඩ්. අපි තුත්තිරි ගස් අල්ල අල්ල ආපු අය නෙවෙයි

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්ත මහතා

කොහෙන්ද මේ සල්ලි යකෝ අක්කර 50 කට වඩා තියාගන්න බෑ එක මිනිහෙකුට රටේ නීතියක් තියෙනවා. එහෙනම් අක්කර 38,000 ක් කොහෙන්ද කිරිඇල්ල පවුලට. කිරි ඇල්ල අර වැවිලි කර්මාන්ත ඇමති වෙලා ඉන්න කොට ගහපු ගැහිලිද මේ. අපි අහනවා තමුන් පැහැදිලිව ඔප්පු කරන්න ඕනේ පෙන්නන්න ඕනේ , කිරි ඇල්ලලාව අදාල නීතිමය ආයතන වලට කැදවන්න ඕනේ මේ තරම් සල්ලි කන්දරාවක් කොහෙන්ද ,මේ තරම් ඉඩම් කන්දරාවක් කොහෙන්ද , මෙයා මේක ප්‍රකාශ කරේ පාර්ලිමේන්තුවේ වෙන කොහෙවත් නෙවෙයි.එහෙනම් එච්චර ඉඩම් තොගයක් කෙහෙන්ද? එච්චරත් තියාගෙන තමයි මේගොල්ලන් අධිවේගී මාර්ගයෙන් ගහන්න හදන්නේ

මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික මංජුල ගජනායක මහතා

තමන් යම් ආකාරයට ඒ හා සමාන හො යම් ආකාරයට මුදල් ප්‍රමාණයක් පවතින බවට අනෙක් අතින් තමන් සතුව මේ ආකාර මුදල් ප්‍රමාණයක් තියෙනවා අපිට හොරකම් කිරිමට අවශ්‍ය නැහැ කියා යම් දේශපාලනඥයෙක් ප්‍රකාශ කර සිටිනවා නම් ඇත්තටම ඉතාමත් වැදගත් ඔහු හෝ ඇය මෙසේ තමන්ගේ වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරිම

වමේ කේන්න්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා

එතරම් අතිවිශාල ධනයක් තිබෙන ඇමතිවරුන් ඉන්න රටක ජිවත් වෙන්න ලැබීමත් ඇත්තටම වාසනාවක්. අපිට නැති වුනත් එතුමන්ට එතරම් වත්කමක් තිබිම මං හිතන්නේ අපිටත් රටටත් වාසනාවක්.අපිට තියෙන ප්‍රශ්නය මෙතරම් අධික වත්කමක් අධික දේපොලක් මේ සා විශාල ප්‍රාග්ධනයක් මෙතුමන් වගේ අයට ලැබුනේ කොහොමද කියන එක. එතුමා වැවිලි කර්මාන්ත ඇමති විදිහට හිටියා එ වගේම අපි දන්නවා එතුමාට අති විශාල දෙපොලක් තියෙනවා.වතුපිටි තියෙනවා පල්ලේ කැලේ වගේ ප්‍රදේශයන්හි මේ වා පිළිබඳව මං හිතන්නේ සොයා බලන්න පුලුවන් වෙයි. එතකොට අනික් කාරණය තමයි අපිට කියන්න තියෙන්නේ මේ සා විශාල ධනයක් තිබෙනවා නම් වත්කම් බැරකම් ප්‍රකාශනයක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවාද? එක කළ යුතු අචාර ධර්මික කටුයුත්තක්. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ වගේම මං හිතන්නේ එතුමාට කුලි නිවසක් තිබෙනවා නම් ඒ කුලි නිවස කාටද හිමිවෙලා තියෙන්නේ කවුද එයට රජයෙන් මුදල් ලබාගෙන කුලි නිවස කාටද හිමි වෙලා තියෙන්නේ මේ පිළිබඳව මං හිතන්නේ රටක් විදිහට රට් ජනතාව දැණගත යුතුයි

 

Newsfirst.lk

Related posts

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday