Colombo Today Local News

චීනෙට දෙන්න ඉඩම් හම්බන්තොට නෑ.. වරාය දෙන වැඩෙත් වැට උඩ !

චීන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට හා තදාසන්න ප්‍රදේශයේ අක්කර 15000 ක ඉඩම් අවශ්‍යය වී ඇතත් ආයෝජකයන්ට එම ඉඩම් ලබාදීම අපහසු කටයුත්තක් බවට පත්ව ඇතැයි වාර්තාවේ.

චීන ආයෝජකයන්ට කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අක්කර 9000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත්, ඉතිරි අක්කර 6000 මොනරාගල හා ඒ ආසන්න ප්‍රදේශවලිත් සොයාගැනීමට රජය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ජනතා අවතැන් වීම, කෘෂිකාර්මික හා පාරිසරික ගැටලු හේතුවෙන් චීනයට අක්කර 15000 ක් ලබාදීම අපහසු බවට රජය හඳුනාගෙන තිබේ. ඒ නිසාම මේ වන විට ඉඩම් මැනීම් කටයුතුද නවතා තිබේ.

මෙහිදී චීන සමාගමට වරායෙන් 80% ක් හා ශ්‍රී ලංකාවට වරායෙන් 20% ක් ලෙස කොටස් බෙදීමට නියමිතව තිබුණු අතර, මේ පිළිබද බොහෝ පිරසක් විරෝධය දැක්වීම නිසා ගිවිසුම් අත්සන් කිරීම ද ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.

srilankamirror.com

Related posts

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලයට….

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඵලදායි කතා බහක් සිදුවුනා – මයික් පොම්පියෝගෙන් ට්විටර් සටහනක්

colombotoday

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin