Colombo Today Local News

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

දූෂණ විරෝධී පෙරමුණේ  තමන්  දැරූ සියළු තනතුරුවලින් ඉවත්  වන බව රංජිත්  කීර්ති  තෙන්නකෝන්  මහතා පවසයි.

සිය ෆේස්බුක්   ගිණුමේ  සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

දූෂණ විරෝධි පෙරමුණේ උප සභාපති  පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පසුගියදා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උසාවියට ඉදිරිපත් වූ අවස්ථාවේදී උසාවියට පැමිණ සිටි  අතර, අස්ගිරි  මහා නාහිමියන් බැහැ දැකීමටද ඊයේ උන්වහන්සේ ඥාණසාර හිමියන්  සමග අස්ගිරි විහාරයට  ගොස් තිබිණි.

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් වරෙන්තු නිකුත් වූ පසුව ඊට විරෝධය පළකරමින් උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය සාකච්ඡාවකටද එක්වී සිටිනු දක්නට ලැබිණි.

පසුගිය සමයේ දිවයිනේ පුරා මුස්ලිම් ව්‍යාපරික ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකොන් මහතාගේ සභාපතීන්වයෙන් යුත් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය‘ නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර මුස්ලිම් ජාතිකයක් පිරිසක් විසින් ආක්‍රමණය කර ඇති දීඝවාපිය මාණික්කමඩු පුරාවිද්‍යා රක්ෂිතය ‘මුස්ලිම් ජාතිකයන්ට අයිති ස්ථානයක් ලෙස හුවා දක්වමින්, එම ස්ථානය බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට උත්සහා කර ඇති බවට සත්‍ය විකෘති කරමින් එමගින් කරුණු දක්වා තිබිණි.

Related posts

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..

Admin