Colombo Today Local News

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි පාර්ශවය අප්‍රසාදය පලකරයි..

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අස්ගිරි මහා විහාර පාර්ශවය අප්‍රසාදය පලකර තිබෙනවා.

අස්ගිරි මහා විහාරයේදී ඊයේ (16) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ බව ප්‍රකාශ කළේය. එම යෝජනාවෙන් වැළකී සිටින ලෙසද උන්වහන්සේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය හා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සිරිකොත’ එජාප මුලස්ථානයේදී පැවැත්වේ.

මෙම රැස්‌වීමේදී ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතාට එරෙහිව මන්ත්‍රීවරුන් 60කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුව පෙත්සමක් ඉදිරිපත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසිය.

Related posts

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්.. ඒකාබද්ධ-එජාප මන්ත්‍රීන් මරා ගනිති.. මන්ත්‍රීන්ට තුවාල, රෝහල්ගත කිරීම් (Video)

colombotoday

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

නාරම්මල පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Admin