Colombo Today Local News

“ඇවන්ගාඩ්“ ලොව සුපිරිම ව්‍යාපාරික සන්නාමය ලෙස යුරෝපා සොක්‍රටීස් සම්මානයෙන් පිදේ

avantgurd lostඑංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි යුරෝපිය ව්‍යාපාරික සම්මේලනය විසින් ලෝකයේ විශිෂ්ටතම ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘ සොක්‍රටීස් සම්මානය’ 2016 වසර සඳහා පිරිනමා ඇත්තේ ශ්‍රිලංකාවේ ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමටය.

ලොව පුරා පවතින ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමින් මෙම සම්මානය ඇවන්ගාර්ඩ් සමාගම දිනා ගෙන ඇත. පසුගිය 7 වනදා ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි මෙම සම්මාන පිරිනැමීම සිදුකොට තිබේ.

කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල විය. මූල්‍ය චෝදනා, අවිජාවාරම් චෝදනා ඒ අතර විය. මේවන විට අල්ලස් කොමිසම මෙම සමාගම විසින් රජයට පාඩුවක් සිදු කළාය යනුවෙන් චෝදනා කොට නඩු පැවරීම සිදුකොට ඇති අතර බරපතල අපරාධ පිලිබඳ ජනාධිපති විමර්ශන විශේෂ කොමිසමද පසුගියදා නිවේදනය කර තිබුනේ එම විමර්ශන අවසන් කර ඇති බවත් නෛතික පියවර ගන්නා බවත්ය.

මේ අතර ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අන්දොලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් මෙම සමාගම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නඩු පැවැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද එල්ල කළේය.

කෙසේ නමුත් ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව ක්‍රියාත්මක වූ මෙරට බලවේග දේශපාලන වුවමනාවන් හා කප්පම් මුදල් නොලැබීම හා එම ව්‍යාපාරය තමන් සන්තක කර ගැනිමේ වුවමනාවන් මත ක්‍රියාත්මක වු බව පැහැදිලිව අනාවරණය විය. එහෙත් මේ දක්වා පැහැදිලි චෝදනාවක් එම ව්‍යාපාරයට එරෙහිව සිදුකර නොමැත. අල්ලස් කොමිසම විසින් පැවැරූ නඩුවද විවාදාපන්නය.

මෙරටදි චෝදනා පිට චෝදනා එල්ල වී ඇති මොහොතක ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට ජාත්‍යන්තරයෙන් විශිෂ්ට ඇගයුමක් ලැබී තිබීම මෙම චෝදනා සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට චූදිතයන්ට සිදුවනු ඇති නමුත් කෙසේ හෝ මෙම සමාගම විනාශ කර දැමීමේ නොනිත් ආශාවෙන් පෙලෙන නිසා ඔවුන් ඒ නොසලකා හැරීම සිදුවිය හැකි වූවත් සිහි බුද්ධියක් ඇති ජනතාවට ඒ ගැන නොතකා සිටිය නොහැක.

දේශපාලන න්‍යාපත්‍රයන් මත මේ රටේ අපරාධ විමර්ශන කටයුතු සිදුවන බවට පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට මෙම සම්මානය මඟින්ද වලංගුතාවයක් ලබා දී ඇති බව කල්පනා කිරීම වැරදි නොවේ.

avangurd33

colombojournal

Related posts

කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුල්වෙන ස්ථානයේ තිබූ අනවසර ඉදිකිරීම ඉවත් කෙරේ

colombotoday

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

colombotoday

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday