Colombo Today Local News

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.

නාගරික ප්‍රදේශයන්හි එය පැය පහක කාලයක් දක්වා අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එරට තාප බලාගාර කිහිපයක්ම මේ වන විට ඉන්ධන, ගල් අගුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබේ.

අරගලකරුවන් විසින් පැවති ආණ්ඩුව පෙරළා දමා දැමීමෙන් පසු භාරකාර රජයක් යටතේ බංගලාදේශය ක්‍රියාත්මක වෙයි.

එම නව රජය යටතේ බංගලදේශය දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින අතර බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ අදානි සමාගම බංග්ලාදේශයට විදුලිය සැපයීම සීමා කර ඇත.

පවතින ආර්ථික අර්බුදය පියමං කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් බංගලාදේශ අන්තර්වාර රජය ඩොලර් බිලියන අටක ණය මුදලක් ඉල්ලා ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin