Colombo Today Local News

විශේෂඥ වෛද්‍යවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බව නිතිපති අභියාචනාධිකරණයට දන්වයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බලරහිතකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176දෙනෙකු විසින් ගොනුකරනු ලැබූ රිට් පෙත්සමක් ඊයේ (27)දින සලකා බැලු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවය.

මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (28)දින කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

colombotoday

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin