Colombo Today Local News

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කොට තිබේ.

ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම, ඊයේ (05දා) ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකාව 2015 වසරේදී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේදී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් 2017 වසරේදී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරන ලදී.

රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් ඊට අදාළ සහතිකය පිරිනමන අවස්ථාවේදී කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් චෙට්ත්‍රපාල් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සෑම වසරකදීම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගන්නා අතර ඊට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නායකත්වය රුකුලක් වන බවයි.

Related posts

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

colombotoday

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday