Colombo Today Local News

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28)දින පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ යෝජනා ලබන සිකුරදා මුදල් කාරක සභාවට ද ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද මින් අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයකට බලපෑමක් නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා පවසයි.

Related posts

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday