Colombo Today Local News

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වූ ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.

පානදුර වෑකඩ ප්‍රදේශයේදී 31 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි.

ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ ද සටහන්ව ඇත.

තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

Admin

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

colombotoday

ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑපහක් සමග දෙදනකු අත්අඩංගුවට

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday