Colombo Today Local News

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

prasanna

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය ජනතාව රැවටීමේ රංගනයක් පමණක් බවත් එය එසේ නොවේ නම් ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පුකළ යුතු බවත් ගම්පහ දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෙවැනි ප්‍රකාශ වලින් රටේ ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බව ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුව වටහා ගත යුතුව ඇතැයිද රණතංග මහතා පෙන්වා දෙයි.

ජා-ඇල මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයාගේ නිවසේ අද පැවති රැස්වීමකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රණතුංග මහතා මෙසේදි කිවේය.

පහුගිය දවසක ජනාධිපතිතුමා කියලා තිබුනා FCID එක අල්ලස් කොමිසම කටයුතු කරන්නේ දේශපාලන න්‍යය පත්‍රයකට අනුව කියලා. මාවයි මගේ නෝනාවයිත් FCID කැදවලා තිබුනා අපිවත් හිරකරන්නයි හැදුවේ හැබැයි මම එකෙන් බෙරුනා .
අපි අවුරුදු 2 ක් තිස්සේ ඉදන් කියනවා:

FCID එකයි අල්ලස් කොමිසමයි වැඩ කරන්නේ දේශපාලන න්‍යය පත්‍රයකට අනුව කියලා අපි අවුරුදු 2 ක් තිස්සේ ඉදන් කියනවා. හැබැයි ජනාධිපතිතුමා මේක හදිසියේ කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මේක නාට්‍යයක් අලූත් නාට්‍යයේ එක චරිතයක කොටසක් විතරයි ජනාධිපතිතුමා මේ රගපාලා වෙන්නුවේ ජනාධිපතිවරයාට මේ දේශපාලන නවත්වන්න ඔනෑනම් රටට ඒබ ව ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ

2001 යු.එන්.පී. ආන්ඩුව වෙලාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට රනිල්ලා වැඩ කරද්දි චන්ද්‍රිකා මැතිනිය අමාත්‍යාංශ පවරාගෙන වහාම ආන්ඩුව විසුරුවා හැරියා.

මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් ඇත්තටම ඕනැකමක් තියෙනවානම් මේ දේශපාලන පලිගැනීම් නවත්වන්න ඒක රටට ඔප්පු කරලා පෙන්වන්න පුලූවන්. අපි ජනාධිපතිතුමාට කියන්නේ කථාවෙන් ජනතාව ගොනාට අන්දන්නේ නැතුව ක්‍රියාවෙන් ඔප්පුකරලා පෙන්වන්න කියලා අද අපි පැහැදිලිව කියනවා.

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin