Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබේ.

මුල් අවස්ථාවේදීම එම පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related posts

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

colombotoday