Colombo Today Local News

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද (16) උදෑසන පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් පස් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

පෙරවරු හයයි තිහට පමණ අනතුර සිදු වීමත් සමග පාසල් බස් රථ ඇතුළු වෙනත් වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණි.

බස් රථ අනතුරින් පසුව රියදුරු අසුනෙහි සිරවීම නිසා ඔහු මුදවා ගැනීමට පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

දියතලාව සිට බණ්ඩාරවලට ගමන් ගත් පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පාසල් ළමුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොලීසිය කියයි.

Related posts

අද කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin