තමන් සිටිනාතුරු රාජපක්ෂ පවුලට කිසිදු කරදරයක් වීමට ඉඩ නොදෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇති බවත්, එම ප්‍රකාශය බරපතල එකක් බත්, ඔහු අධිකරණ අමාත්‍යවරයාව සිටින තුරු සිලාචාර අධිකරණ පද්ධතියක් ගොඩ නගා ගැනීමට නොහැකි වන බවත් මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.
ඔහු මේ බව පැවසූයේ “පුරවැසි බලය“ සංවිධානය ඊයේ කැදවා තිබුණු මාධ්‍ය හමුවකදීය.
මහින්ද රාජපක්ෂලාගේ දේපොළ රාජසන්තක කළ යුතු බවත්, වරදක් කර ඇත්නම් වහාම සිරගත කළ යුතු බවත් මහාචාර්යවරයා දැඩිව අවධාරණය කර සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1259823717411217/” width=”500″ height=”400″ onlyvideo=”1″]