Colombo Today Local News

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව, මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කල හැකියි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන අතර ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවති.

එමෙන්ම නව වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසු අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අයදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා කියා සිටි.

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සඳහන්.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින් දැක්වේ,

Related posts

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම වරායන් අතරට.. ස්ථාන පහක් අභිබවා ලබාගත් අලුත්ම තැන මෙන්න

colombotoday