Colombo Today Local News

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

ගම්පහ, කළගෙඩිහේන ” සනිරෝ” ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කර ඇත.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නව නිපැයුම් අංශයෙහි කටයුතු කළ ආදි සිසුවකු වන කණිෂ්ක මාධව මහතාගේ නිර්මාණශීලිත්වය මගින් මෙම බස් රථය නිපදවූ බව සනිරෝ ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් මහතා බස් රථය එළි දක්වමින් සදහන් කරයි.

මෙම බස්රථය අඩි 22 ක දිගින් සහ අඩි 5 අගල් 6 ක පළලකින් යුක්ත වන අතර ඇන්ජින් ධාරිතාවය 660 කි.

රජයේ සහාය ලබා දීම සිදු කරන්නේ නම් ඉදිරියේදී බස් ඇන්ජිම පවා මෙරටදී සකස් කරමින් උසස් මට්ටමේ බස් රථයක් නිෂ්පාදනය කිරීමට හැකිව ඇතැයි ද නිලන්ත දිල්රුක් මහතා පවසයි.

Related posts

ඉන්ධන හා විදුලි ගාස්තු වහා ඉහළ දමන්නැයි මහ බැංකුව කියයි

colombotoday

ලන්ඩන් කොටි උද්ඝෝෂණ යාපනයේ දෙමළ බෞද්ධයෝ හෙළා දකිති

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

සෙනෙට් සභිකකුගෙන් Muslim Brotherhood ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පනතක්

colombotoday