World

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව අද (13)දින කැඳවීමට නියමිතව තිබේ.

අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ (12)දින ෆ්ලෝරීඩා වෙත ළඟා වී තිබේ.

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා 37ක් ගොනු කිරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මේ පිළිබඳව නිවේදනය කරමින් අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවයි.

ඒ අනුව එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ ඇතැම් ලේඛන රජයේ නිලධාරීන් සොයාගැනීම වැළක්වීමට එම ලේඛන ඔහු ෆ්ලොරීඩාවේ ඔහුට අයත් නිවාඩු නිකේතනයක සැඟ වූ බව ද පිටු 49 කින් යුතු මෙම අධිචෝදනා පත්‍රයේ දැක්වේ.

මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 77 හැවිරිදි ට්‍රම්ප් වසර 20ක සිර දඬුවමකට යටත් විය හැකි බව විදෙස් වාර්තාවල සඳහන් ය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේෂකත්වය සඳහා තරග වැදීමට ඉදිරිපත් වී සිටීම ද විශේෂත්වයකි.

Related posts

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday