Colombo Today Local News

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට එම ස්ථානයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව සිදුව ඇති බවත් ඒ මහතා කීවේය

මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද (14 ) පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී ඒ මහතා මේ බව කීය.
අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන ලෙසත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

Related posts

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

සොයිසාට ගේම දුන් එස්‌. එෆ්. ලොකූ බන්ධනාගාරය ඇතුළේ පිස්‌සු නටන හැටි

colombotoday