තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස ශෂිකලා නටරාජන් ලබන 09 වෙනිදා දිවුරුම් දීමට නියමිතය.වත්මන් තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් ඊයේ (05 දා) තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම්ගේ සමීපතම මිතුරිය වන ඇය ද්‍රවිඩ මුන්නේත්තරම් කසාගම් ( AIADMK) පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කලාය. වයස අවුරුදු 60ක් වන ශෂිකලා මහ ඇමතිධූරයට පත්වූ පසුව ජයලලිතාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම බලාපොරොත්තුව බවද පැවසේ.