Colombo Today Local News

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

උතුරු පළාතේ ග්‍රාම සංවර්ධන කටයුතු සදහා වෙන්කර ඇති මුදල්වලින් රුපියල් මිලියන 25ක් හිටපු කොටින්ගේ පවුල්වල නඩත්තුව සදහා ලබා දීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

උතුරු පළත්සභාවේ ග්‍රාම සංවර්ධන කටයුතු ඇමති පී ඩෙනීෂ්වරන්ගේ උපදෙස් මත, මෙලෙස මධ්‍යම රජයෙන් සැපයුණු අරමුදල් කොටි පවුල්වෙත ලබා දෙයි.

එහි පළමු අදියර වශයෙන් වව්නියාව, යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්කවල තොරාගත් කොටි මහවිරු පවුල් 147ක් සදහා ජීවනෝපාය සහනාධාරයක් වශයෙන් රුපියල් 50000 බැගින් ප්‍රධානය කිරීම පසුගිය දෙසැම්බර් මසදී යාපනය නාලවර් වීදියේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේදී සිදුකර ඇත.

මෙයට පෙර නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් විසින් හිටපු කොටි සාමාජිකයන්ට දීමනාවක් ලබා දීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර එය අනුමත නොවීය.

Related posts

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

“ගිනි නිවීමේ අභ්‍යාසයක් කරනකොට ගිනි ගත්ත කියල ආරංචියි” දිව පටලවමින් ආරක්ෂක ලේකම් අමුතු දෙයක් කියයි

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

Admin

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin