Colombo Today Local News

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක්

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාස වල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.

ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් මෙම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම මුලද ලබාදී ඇත.

මෙම මුදල් යොදාගෙන නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.

Related posts

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Admin

“මධුෂ්ලා ලග මත්ද‍්‍රව්‍ය තිබිලා නෑ, බීලා විතරයි, මං එයාලව බේරගන්නවා” – නීතිඥ උදුල් ප්‍රේමරත්න

colombotoday

මලික් සමරවික්‍රමලාට ගමේ යූ.ඇන්.පී කාරයාගේ හදගැස්ම තේරෙන්නෑ.. එජාප අවුලට හේතුව තිස්ස පැහැදිළි කරයි

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday