Colombo Today Sports News

ඉතාලියේදී යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වි තිබේ.

ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි.

ඉතාලියේදී ඊයේ (07)දින පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි විය.

එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.

Related posts

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

colombotoday

ලංකා ප්‍රිමිය ලීග්: ගාල්ල පරදා මහනුවරට ජය. ධනුෂ්ක ගුණතිලකගෙන් සුපිරි ඉනිමක්.

colombotoday

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

ඉන්දු – ඕස්ට්‍රේලියා T20 ගැටුම අද ඇරඹේ

colombotoday