Colombo Today Local News

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

bengamuwe nalaka himi

පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව යාපනේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හමුදා නිලධාරීන් 14 දෙනෙකු බන්ධනාගාරගත කිරීම තවත් ජාතිවාදී ක්‍රියාවක්දැයි සැක මතුවන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසූයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වැනි දේශපාලනඥයන් කටයුතු කරන්නේ ජාතිවාදී අදහස්වල පිහිටා බව නැවත නැවත තහවුරු වෙමින් ඇති බවත් එම නිසා දෙමළ විනිසුරුවරුන් විශ්වාස කළ නොහැකි බවයි.

පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ඉකුත්දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බවටද සැක කරයි.

Related posts

මාධ්‍ය සර්කස් එකකට මාව යටවුණා.. බැදුම්කර වාර්තාවෙන් ඇත්ත හෙළිවෙයි – රවී (Video)

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

colombotoday

ජල ගාස්තු ඉහළට

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday