Colombo Today Local News

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි.

මේ හේතුවෙන් වෙළෙඳ සැල්,පාසැල් හා කාර්යාල වසා දමා ඇති අතර දුර පළාත් සඳහා ගමනා ගමන සේවාවන් ද සිදුනොවෙයි.

මීට අමතරව යාපනය-මහනුවර මාර්ගය අවහිර කර වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වෙයි.

දෙමළ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද මෙම හර්තාල් ව්‍යාපාරයට උතුරු නැගෙනහිර වෙළඳ සංගම්, බස් සංගම් , ත්‍රී රෝද රථ සංගම් , ගුරු සංගම් ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක සහය ලැබී ඇත.

දෙමළ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,සමස්ත ලංකා ජනතා කොංග්‍රසය හා දෙමළ ජනතා පදනම ඇතුළු පක්ෂ රැසකද සහය මෙම හර්තාල් ව්‍යාපාරයට ලැබී ඇත.

Related posts

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

රටම කැලඹු පැනයකට මානව හිමික‍මෙන් ලැබුණු මාධ්‍ය නිවේදනය..

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

colombotoday

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

colombotoday