Colombo Today Local News

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ කොටස් වෙළඳපොළ යටතේ ලැයිස්තුගත කරන බවත්, ඒ යටතේ සයිටම් ආයතන පරිපාලනයට වෙනම කොමිසමක් පත් කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් සිදු වනු ඇති බවද වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

Related posts

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

colombotoday

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

colombotoday