බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සොයා පොලිසිය ලේක් ඩ්රයිව් හි පිහිටි රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය වටලා ඇතැයි වාර්තා වේ.
එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා ඥාණසාර හිමිගේ ජංගම දුරකථනය රැගෙනවිත් රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට ගොස් ඇති බවත් පොලිසිය ඒ පසුපසින් විත් මේ වැටලීම සිදුකර ඇතැති බවටත් වාර්තා පැතිර තිබේ.
කෙසේවුවද, රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට ඇතුළුවන සියලුම මෝටර් රථ මේවන විටද පොලිසිය දැඩි පරික්ෂාවකට ලක්කරමින් සිටින බව වාර්තා වේ.