Colombo Today Local News

රට බෙදන්න උතුරෙන් ‍සම්මත වූ යෝජනාව ලබන සතියේ රජයට

උතුරු නැගෙනහිර පළාත් එක්කර වෙනම දෙමළ ප්‍රාන්තයක් ඇති කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාවේදී සම්මත කරගත් යෝජනාව ලබන සතියේ රජයට බාර දෙන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥාණම් පවසයි.

සිංහල සහ දෙමළ භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකකින් සමන්විත ෆෙඩරල් රාජ්‍යයක් සදහා මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණු අතර සිංහල භාෂාව පදනම් කරගත් ප්‍රාන්තය දකුණු පළාත කෙන්ද්‍ර කරගනිමින් පිහිටුවන අතර, දෙමළ භාෂාව කේන්ද්‍ර කරගත් ප්‍රාන්තය උතුරු නැගෙනහිර දෙපළාත කෙන්ද්‍රකරගනිමින් පිහිටුවීම සදහා යෝජනා කර තිබෙනවා.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන ප්‍රාන්ත සභාව යටතේ කදුකර ප්‍රදේශය සදහා වෙනම පාලන ඒකකයක් පිහිටුවීමට හා උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගත් ප්‍රාන්ත සභාව ය‍ටතේ නැගෙනහිර සදහා වෙනම මුස්ලිම් පාලන ඒකකයක්ද පිහිටුවීමටද එමගින් යෝජනා කර ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday

සන්නස්ගලට නොතීසි

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

colombotoday

මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා.. මේ අය සෝභිත හිමියන් ඝාතනය කළාමයි !

colombotoday