Colombo Today Local News

අර්ජුන් රෙදි ලිහාගෙනම එළියට බහී.. අනුමත බිලියන 2 ටෙන්ඩරය ඉවත දමා බිලියන 10 ටෙන්ඩරය අරන්

ටෙන්ඩර් මණ්ඩලය අනුමත කර තිබූ බිලියන 2.608 ටෙන්ඩරය ඉවත දමා බිලියන 10.058 ටෙන්ඩරය භාර ගන්නා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා නියම කළ බව ප්‍රකාශ වූ සැණින් ටෙන්ඩර් මණ්ඩලයම වික්ෂිප්ත වූ බව මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (30දා) සාක්ෂි දුන් සහකාර මහ බැංකු අධිපති සේපාල රත්නායක මහතා කියා සිටියේය.

ඒ පිළිබඳව සාමාජිකයන්ගේ බලවත් අප්‍රසාදය සහ විරෝධය පළ වූ අවස්ථාවේදී ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානත්වය දැරූ නියෝජ්‍ය මහ බැංකු අධිපති සමරසිරි මහතා කාමරයෙන් පිටතට ගොස් ආපසු පැමිණ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ තමා ජංගම දුරකතනයෙන් කතා කළ බවත් එම මිලදී ගැනීම එලෙස සිදු කරන ලෙසට ඔහු උපදෙස් දුන් බවත් පැවැසීයැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අවස්ථාවේදී මේ ටෙන්ඩරය භාර ගතහොත් අපට සිදුවන්නේ අපේ ඇඳුම් ගලවා දමා එළියට බසින්න තමයි යනුවෙන් තමා සිංහලයෙන්ම පැවැසූ බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

2015 පෙබරවාරි 27දා පැවැති ප්‍රශ්නගත බැඳුම්කර ටෙන්ඩර් වෙන්දේසියේදී මේ බව කියා සිටි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

colombotoday

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

colombotoday