Colombo Today Local News

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයෙ ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය කියයි.

සැකකාරියන් රැඳී සිටි කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සමඟ ගංජා ස්වල්පයක්ද සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

ගණිකා වෘත්තියේ නිරතවූ තරුණියන් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ස්ථානය කිසිවෙකුගේ සැකයට බඳුන්වී නැතත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇත.

ගණිකා වෘත්තීයේ නිරතව සිටි තරුණියන් මෙම ස්ථානයේ සිට ඇත්තේ නවාතැන් පොලෙහි සේවය කරන පිරිසක් ලෙස වන අතර උපාය දූතයෙකු යොදවා මෙම ස්ථානය වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර වයසෙහි පසුවන මොනරාගල , අනුරාධපුර , කොළඹ , බත්තරමුල්ල පදිංචිකරුවන් බවද කියයි. රුපියල් හය දහසක මුදලක් ගෙවා මොවුන්ගේ පහස ලබාගත හැකිව තිබූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා වැල්ලව පදිංචිකරුවෙකි. ඔහු සමඟ එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් තිදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

Admin

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි… මන්ත්‍රීලා සභාගැබෙන් පිටවෙයි….

colombotoday