Colombo Today Local News

එළුවන්ට රක්ෂණාවරණයක්

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතා පවසයි.

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසීය.

පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ ඇතුලත එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇතැයි වීරසේකර මහතා පැවසීය.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමටත් කටයුතු යොදා තිබේ. මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත.

Related posts

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin

සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

colombotoday

ලොරි රථයකට කඩා වැටුණු අධි බලැති විදුලි රැහැන පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැදවයි

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday