Colombo Today Local News

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසයි.

සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16ක් පොලිසිය විසින් සොයගෙන ඇත.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

“ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න”

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

බදුර්දීන්ගේ රුව සහ පක්ෂ ලකුණ යෙදු ගිණි පෙට්ටි බෙදු අය අත්අඩංගුවට

colombotoday

ජනපතිවරණ හංස පක්ෂයේ සභාපති විදුලියත් හොරට අරන් !

colombotoday

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday