Colombo Today Local News

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

රජය ගත් සුවිශේෂි ආර්ථීක තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (19)දින රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බවයි.

එමෙන්ම භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක් ද සිදු කරන බව සඳහන් වෙයි.

Related posts

විවාහ මංගල උත්සවවලට 300ක් සහභාගිවෙන්න අවසර දෙයි

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

colombotoday

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

colombotoday

විදුලි ගාස්තු යළි ඉහළට?

Admin

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

Admin